Tuesday, June 21, 2016

බිය.....








 බිය..........




යම් ස්වභාවික අනතුරක් සිදුවීමට පෙර සමහර සතුන්ට එය දැනෙන බව අපි දන්නා දෙයක්.
රටකට දැයකට වෙන අනතුරු ගැනත්ඒ විදිහටම සමහර මිනිස්සුන්ට අන් සමහර මිනිස්සුන්ට දැනෙන්නට පෙර දැනෙනවා.
එසේ දැනෙන සමහර මිනිස්සු ඒ ගැන සිය අදහස් කියනවා.
එහෙත්, එසේ දැනෙන සමහර මිනිස්සු ඒ ගැන සිය අදහස් කියන්නට බිය වෙනවා. ඒ බිය බොරු බියක් නොවෙයි. එය භූමියෙහි පවතින බියක්.
අතීතයේ යම් යම් කාලවල මිනිස්සු අත් විඳපු බියක්.
නැවත නොවෙයි කියා බැහැර කරන්න බැරි බියක්.
එළි පිට නැති, හැංගුන බියක්.
ඒ නිසා සමහරුන්ගේ නිහඬ බවට හේතුවක් නෑ ම කියා කියන්න බෑ.
දැන් මේ විදිහට ඒ බිය තිබ්බත්,රට දැය පිළිබඳ යම් බියක් අපට දැනෙමින් පවතිනවා. අපිත් එය කියන්නේ කියනවාද නැතිද කියා දෙවරක් හිතලා. ඒ අර කියපු බිය නිසා.
ඒක ජීවිත බියක්. ජීවිතයට බලපෑමක් විය හැකි බියක්.
ඒ බිය හැර තවත් බියක් තිබෙනවා. ඒ තමයි වචන අල්ලාගෙන වචන එහෙට මෙහෙට කර ඒ මත අපහාස උපහාස නංවමින් කරණා බිය වැද්දීම. ඒක මේ සටහනින්ම උදාහරණයක් කර පෙන්වන්නම්. දැන් මෙහි ඇරඹුමේ මා කියා ඇත්තේ සමහර  ස්වභාවික විපත්, සමහර සතුනට, මිනිසුන්ට පෙර දැනෙනවා. එලෙසින්ම සමහර මිනිසුන්ට රටට විය හැකි අනතුරු අන් මිනිසුන්ට පෙර දැනෙනවා. අර මා කී දෙවෙනි වර්ගයේ බිය වද්දන්නන් එවිට එවන් මිනිසුන් දෙස බලා කියන්නට පුළුවන් එසේ රටට විය හැකි අනතුරු අපට පෙර ඔබලාට දැනෙන්නේ, ඔබලා මිනිස්සුන්ට වඩා සත්තුන්ට ළඟ නිසා කියා.
නෑ මං කියන්නේ, එහෙම කියන සත්තු මේ ලෝකේ, මේ බිමේ ඉන්න නිසා. ඉතින් ඒ සත්තුන්ට කීමට මා හට ඇත්තේ, සත්තුන්ට ළඟ මිනිසෙක් වෙලා හෝ රටට වෙන්න යන අනතුරක් පෙර හඳුනා ගත හැකි නම්, එසේ හඳුනාගත නොහැකි මිනිසුන්ට වඩා ඒ සත්තුන්ට ළඟ මිනිස්සු වඩා වටිණවා නොවේද කියා?



- යසනාත් ධම්මික බණ්ඩාර -

No comments:

Post a Comment